නැඟනියගේ පුතාගේ පොලු පහරින් ලොකු අම්මා ජීවිතක්ෂයට

පුපුරැස්ස, ලෙවලන්වත්ත ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් සහ පොලුවලින් සිදුකළ පහරදීමක දී පුද්ගලයෙකු ජීවිතක්ෂය පත්ව තිබෙනවා.

මෙහිදී තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මත්පැන් පානය කරමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර, සිද්ධියෙන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පුපුරැස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

මේ අතර කල්කුඩා, පට්ටිඅඩිච්චේන ප්‍රදේශයේ දී පහර කෑමකට ලක්වූ කාන්තාවක් රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මියගිය කාන්තාවගේ පුත්‍රයා සහ ඇයගේ නැඟනියගේ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් විසඳීමට යාමේදී නැඟනියගේ පුතා එල්ල කළ පොලු පහරක් අදාළ කාන්තාවගේ වැදී ඇති අතර, එහිදී බරපතළ තුවාල ලැබූ ඇය රෝහල් ගත කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මියගිය කාන්තාව 62 හැවිරිදි වියේ පසුවන තැනැත්තියක් වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු වාලච්චේන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19