බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ෆිල් සිමන්ස් මෙම වසර අවසානයේ දී එම තනතුරෙන් ඉවත්ව යන බව දන්වා තිබෙනවා.
දෙවරක්ම අනුශුරයින් වූ කොදෙව්ව්වන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගවලියෙන් අනපේක්ෂිත ලෙස ඉවතට විසිවීමත් සමඟ සිමන්ස් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
2016 වසරේ දී කොදෙව්වන් 20-20 ලෝක කුසලාන ජයග්‍රහණය කළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබුවේ ෆිල් සිමන්ස් විසින්.
2015 වසරේ සිට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන 59 හැවිරිදි සිමන්ස් මෙම වසර අවසානයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියෙන් පසුව කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගන්නා බව සඳහන්.
කෙසේ වෙතත් මෙම තීරණය බටහිර ඉන්දීය කොදෙව්වන් විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට විසිවූ නිසා පමණක් සිදු වූවක් නොවන බවත්, තමන් එම පියවර ගැන කලක සිට සලකා බැලූ බවත් සිමන්ස් සඳහන් කර තිබෙනවා.
“අපට දැන් අපගේ සහභාගීත්වයෙන් තොරව ලෝක කුසලාන තරඟාවලියක් නැරඹීමට සිදුව තිබෙනවා, එය තේරුම්ගත නොහැකි දෙයක්, කොහොම වුනත් මම අපගේ රසිකයන්ගෙන් දැඩි ලෙස සමාව ඉල්ලා සිටිනවා.” යනුවෙන් ෆිල් සිමන්ස් වැඩිදුරටත් සඳහන් කළා.














