යාල කැලේ යකා නැටූ පිරිසට වැඩ වරදියි (වීඩියෝ)

වන සතුන්ට හිංසාවන පරිදි යාල වනෝද්‍යානය තුළ කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ අදාළ පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙසයි.

ඒ, අනුව අදාළ පුද්ගලයින්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් සහ වාහන අංක ඇතුළු සියලු තොරතුරු වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

පුද්ගලයින් පිරිසක් වාහනවලින් ගොස් යාල වනෝද්‍යානයේ දී වන සතුන්ට හිරිහැරවන අයුරින් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අප විසින් ඊයේ (23) දිනයේ දී විකාශය කරනු ලැබුවේ වනජීවී අමාත්‍යවරයාට ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස දන්වමින්.

https://youtu.be/PLeMwlKe4_o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?