ඕස්ට්‍රේලියාව සමඟ හෙට පැවැත්වෙන තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම යහපත් මානසික තත්ත්වයකින් පසුවන බව දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.
අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහීෂ් මේ බව සඳහන් කර සිටියා.
මේ අතර හෙට තරගයට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.
විකට්ටුවක් ලබා ගැනීමේ පසු මහීෂ් සිදුකරන අලුත්ම සැමරුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී මහීෂ්ගෙන් විමසා සිටියා.
එහිදී මහීෂ් සඳහන් කර සිටියේ තමන් ‘Arrow’ගේ දැඩි රසිකයෙක් බවත් ඒ හේතුවෙන් තමන් එලෙස එම සැමරුම සිදුකරන බවයි.
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය හෙට (25) ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙනවා.




