මීගමුව, ආඬිඅම්බලම ප්‍රදේශයේදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මීගමුව ඔරලෝසු කණුව අසල දී කොල්ලයක් සිදුකර යතුරුපැදියකින් පළා යන පුද්ගලයින් දෙදෙනෙකු පසුපස පොලිසිය හඹා ගොස් තිබෙනවා.
ඒ අවස්ථාවේදී අදාල පුද්ගලයන් විසින් පොලිසිය වෙත වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
එහිදී පොලිසිය විසින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ලකර ඇති අතර යතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක්.
අනෙක් පුද්ගලයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
11