දොඩංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනි බෝල කරකවමින් සිටි පාසල් සිසුවෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ දොඩංගොඩ, හර්මන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලිසිය පැවසුවේ.
අද (23) අලුයම අදාළ සිසුවා ඇතුළු පිරිසක් කඨින පිංකම පෙරහැරේ ගිනි බෝල කැරකැවීමේ යෙදී සිට ඇති අතර,එහිදී තාවකාලිකව ඇද තිබූ විදුලි වයරයක ගිනිබෝල කැර කිරීමට යොදා ගන්නා වළල්ල ගැටීමෙන් පසු විදුලිසැර වැදී ඇති බව සඳහන්.
විදුලිසැර වැදුණු පාසල් සිසුවා බේරා ගැනීමට ගිය තවත් තරුණයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
විදුලිසැර වැදුණු පාසල් සිසුවා 1990 සුවසැරිය ගිලන් රථයක් මඟින් කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කළ පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.




