කඨින පෙරහැරේ ගිනි බෝල කරකවමින් සිටි සිසුවෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට

දොඩංගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති කඨින පෙරහැරක ගිනි බෝල කරකවමින් සිටි පාසල් සිසුවෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ දොඩංගොඩ, හර්මන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

අද (23) අලුයම අදාළ සිසුවා ඇතුළු පිරිසක් කඨින පිංකම පෙරහැරේ ගිනි බෝල කැරකැවීමේ යෙදී සිට ඇති අතර,එහිදී තාවකාලිකව ඇද තිබූ විදුලි වයරයක ගිනිබෝල කැර කිරීමට යොදා ගන්නා වළල්ල ගැටීමෙන් පසු විදුලිසැර වැදී ඇති බව සඳහන්.

විදුලිසැර වැදුණු පාසල් සිසුවා බේරා ගැනීමට ගිය තවත් තරුණයින් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

විදුලිසැර වැදුණු පාසල් සිසුවා 1990 සුවසැරිය ගිලන් රථයක් මඟින් කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කළ පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46