ශ්‍රී ලංකාවට ලකුණු 129ක ඉලක්කයක්

ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 128කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී හැරී ටෙක්ටර් අයර්ලන්තය වෙනුවෙන් ලකුණු 45ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු පෝල් ස්ටර්ලින් ලකුණු 34ක් රැස්
කළා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ඒ, අනුව ශ්‍රී ලංකා පිළට ජයග්‍රහණය සඳහා ලකුණු 129ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?