කොදෙව්වන්ගේ ලෝක කුසලාන සිහිනය බොඳව යයි

පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුදුකම් ලැබීමේ වටයේ ‘බී’ කාණ්ඩයේ අද පැවති තරගයෙන් ජය ගන්නට අයර්ලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, දෙවරක් විස්සයි විස්ස ලෝක ශූරතාව හිමිකරගත් ප්‍රබල බටහිර ඉන්දීය කොදෙව් පිළ පරාජයට පත් කරමින්.

මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන තරගවලියෙන් ඉවත්ව නැවත සිය මව්බිම වෙත හැරී යන්නට කොදෙව්වන්නට සිදුවීම විශේෂත්වයක්.

දෙරට අතර අද පැවති තරගය අයර්ලන්ත ජය ගත්තේ කඩුලු 09 කින්.

මෙම ජයත් සමඟ ‘බී’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට අයර්ලන්තයට හැකියාව ලැබුණා.

2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?