හිටපු මාධ්‍යවේදියාට අනවසර සිපගැනීමක් සම්බන්දව චෝදනාවක්

අල් ජසීරා මාධ්‍ය ආයතනයේ හිටපු ප්‍රවීණ මාධ්‍යවේදියකු වන කමාල් සැන්ටමරියාට ලිංගික අතවර චෝදනා එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

වසර 16ක් අල් ජසීරා රූපවාහිනී ආයතනයේ සේවය කළ 42 හැවිරිදි සැන්ටමරියා මේ වන විට නවසීලන්තයේ TVNZ රූපවාහිනී ආයතනයේ සේවය කරමින් සිටිනවා.

නවසීලන්ත ජාතිකයකු වන කමාල් සැන්ටමරියා අල් ජසීරා රූපවාහිනී ආයතනයේ දෝහා කටාර් ප්‍රවෘත්ති කාර්යාලයේ සේවය කරමින් සිටියදී සිදු කළ බව කියන ලිංගික හිරිහැර පිළිබඳ ලද තොරතුරු මත බීබීසී පුවත් සේවය විමර්ශනාත්මක ලිපියක් ඊයේ පළ කර තිබිණි.

අල් ජසීරා දෝහා කටාර් කාර්ය මණ්ඩලයේ ඔහු සමඟ සේවය කළ කිහිපදෙනකු ඔවුන්ගේ නම් ගම් අනාවරණය නොවන පරිදි ප්‍රකාශ ලබා දී ඇති අතර, තරුණ නිෂ්පාදකවරියක ප්‍රකාශ කර ඇත්තේ ඔහු ඇයට අනවශ්‍ය අවධානයක් යොමු කරමින් ටිවිටර් පණිවිඩ යොමු කළ බවය. එමෙන්ම තම උරහිසට අතක් තබා වැලඳ ගැනීමට උත්සාහ කළ බවත්, අනවසරයෙන් සිය කම්මුල් සිපගත් බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

ඔහුට එරෙහිව චෝදනා කරමින් අල් ජසීරා ආයතනයේ හිටපු තවත් මාධ්‍යවේදිනියක බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඔහු අනවසරයෙන් ප්‍රසිද්ධියේ තම ගෙල සිපගත් බවය. අල් ජසීරා ආයතනයේ තවත් මාධ්‍යවේදිනියන් කිහිපදෙනකුම ඔහු බලහත්කාරයෙන් සිප වැලඳ ගෙන ඇතැයි ද, අවස්ථා කිහිපයකදීම ඔහු පිළිබඳ ඉහළ කළමනාකාරීත්වයට පැමිණිලි කළද ඔවුන් ඒ සම්බන්ධව අවධානය යොමු නොකළ බව ද එම මාධ්‍යවේදිනියන් ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය
01:45
Video thumbnail
හිටපු ඇමතිගේ බිරිද වැ#ණු ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකරන අයුරු
01:45