හිටපු මාධ්‍යවේදියාට අනවසර සිපගැනීමක් සම්බන්දව චෝදනාවක්

අල් ජසීරා මාධ්‍ය ආයතනයේ හිටපු ප්‍රවීණ මාධ්‍යවේදියකු වන කමාල් සැන්ටමරියාට ලිංගික අතවර චෝදනා එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

වසර 16ක් අල් ජසීරා රූපවාහිනී ආයතනයේ සේවය කළ 42 හැවිරිදි සැන්ටමරියා මේ වන විට නවසීලන්තයේ TVNZ රූපවාහිනී ආයතනයේ සේවය කරමින් සිටිනවා.

නවසීලන්ත ජාතිකයකු වන කමාල් සැන්ටමරියා අල් ජසීරා රූපවාහිනී ආයතනයේ දෝහා කටාර් ප්‍රවෘත්ති කාර්යාලයේ සේවය කරමින් සිටියදී සිදු කළ බව කියන ලිංගික හිරිහැර පිළිබඳ ලද තොරතුරු මත බීබීසී පුවත් සේවය විමර්ශනාත්මක ලිපියක් ඊයේ පළ කර තිබිණි.

අල් ජසීරා දෝහා කටාර් කාර්ය මණ්ඩලයේ ඔහු සමඟ සේවය කළ කිහිපදෙනකු ඔවුන්ගේ නම් ගම් අනාවරණය නොවන පරිදි ප්‍රකාශ ලබා දී ඇති අතර, තරුණ නිෂ්පාදකවරියක ප්‍රකාශ කර ඇත්තේ ඔහු ඇයට අනවශ්‍ය අවධානයක් යොමු කරමින් ටිවිටර් පණිවිඩ යොමු කළ බවය. එමෙන්ම තම උරහිසට අතක් තබා වැලඳ ගැනීමට උත්සාහ කළ බවත්, අනවසරයෙන් සිය කම්මුල් සිපගත් බවත් ඇය ප්‍රකාශ කර තිබේ.

ඔහුට එරෙහිව චෝදනා කරමින් අල් ජසීරා ආයතනයේ හිටපු තවත් මාධ්‍යවේදිනියක බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඔහු අනවසරයෙන් ප්‍රසිද්ධියේ තම ගෙල සිපගත් බවය. අල් ජසීරා ආයතනයේ තවත් මාධ්‍යවේදිනියන් කිහිපදෙනකුම ඔහු බලහත්කාරයෙන් සිප වැලඳ ගෙන ඇතැයි ද, අවස්ථා කිහිපයකදීම ඔහු පිළිබඳ ඉහළ කළමනාකාරීත්වයට පැමිණිලි කළද ඔවුන් ඒ සම්බන්ධව අවධානය යොමු නොකළ බව ද එම මාධ්‍යවේදිනියන් ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39


?