ලෝක බැංකු කළමණාකාර අධ්‍යක්ෂවරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ – මෙහෙයුම්, ඇක්සෙල් වෑන් ට්‍රොට්සන්බර්ග් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරීත්වය අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට එක්ව සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස ද අමාත්‍යවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව ඇති බවයි වාර්තා වුණේ.

රටේ සංවර්ධන අවශ්‍යතා සහ ණය තිරසරභාවය යළි ඇතිකරගැනීම සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම අතර තුර දෙපාර්ශ්වය අතර මෙම හමුව සිදුව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?