අසාද් සාලිගේ පැමිණිල්ලට දර්ශන හඳුන්ගොඩට පොලීසියෙන් කැදවීමක්

සමාජ ක්‍රියාකරුවෙක් වන දර්ශන හඳුන්ගොඩට කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණෙන ලෙස දන්වමින් කැඳවීමක් කර ඇති බව වාර්තා වනවා.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් සම්බන්ධව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්.

හිටපු ආණ්ඩුකාරවරයා විසින් පාර්ශ්ව තුකට එරෙහිව මෙලෙස පොලිසියේ පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

එම පාර්ශ්ව තුන අතර සිටින මාධ්‍යවේදී කීර්ති රත්නායක අද දිනයේ දී කුරුඳුවත්ත පොලිසියට කැඳවා ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.