වරකාපොල ඛේදවාචකයේ වැඩිමහල් පුතුගේ සිරුරත් හමුවෙයි

අහයපත් කාලගුණය හමුවේ වරකාපොල – තුඹලියද්ද ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් අතරුදන්ව සිටි 24 හැවිරිදි වැඩිමහල් පුතුගේ සිරුර ද මේ වනවිට සොයාගෙන තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් අතුරුදන්ව සිටි මවගේ සිරුර ද අද (15) අලුයම සොයාගත්තේ හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

මෙම අනතුර සිදුව අවස්ථාව් දී නිවස තුළ සිටි පියා මුදාගැනීමට කටයුතු කර තිබූ අතර, පසුව ඔහු ප්‍රතිකාර සඳහා වරකාපොල රෝහලට ඇතුළත් කර තිබුණා.

මෙම පවුලේ දස හැවිරිදි බාල පුත්‍රයා උපකාරක පන්තියකට සහභාගිවීමට ගොස් සිටි නිසා පස් කන්දක් කඩා වැටෙන අවස්ථවේ නිවසේ සිට නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?