“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” වැඩසටහනට අයදුම්පත් ලක්ෂ 23ක්

“කිසිවෙක් අතහැරෙන්න දෙන්න එපා” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කළ අඩු ආදායම්ලාභී පවුල් වෙත සුබ සාධන ප්‍රතිලාභ ලබාදීමේ කඩිනම් වැඩපිළිවෙළට අද (12) වන විට අයදුම්පත් ලක්ෂ 23ක් ලැබී ඇතැයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අතරින් අද (12) වන විට අයදුම්පත් 624, 714ක් පද්ධතියට ඇතුළත් කර ඇති අතර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341ක ස්ථාපිත සුබ සාධක ප්‍රතිලාභ තොරතුරු ඒකක මඟින් සියලුම අයදුම්පත් පද්ධතියට ඇතුළත් කිරීම කඩිනමින් සිදු කෙරේ.

මෙම වැඩසටහන සඳහා වන නියමු ව්‍යාපෘතියක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් පසුගියදා පැවැත්වුණු අතර ජනතාව විශාල උනන්දුවකින් ඊට එක්ව සිටී බවත් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.

මේ වන විට සුබ සාධක ප්‍රතිලාභ ලබන හෝ පොරොත්තු ලේඛනයේ සිටින පවුල් මිලියන 3.3ට අමතරව, කොවිඩ් දෙවැනි රැල්ල හේතුවෙන් හා ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ අලුතින් අඩු ආදායම්ලාභී තත්ත්වයට පත්ව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන වාර්තා කර ඇති පවුල් ලක්ෂ 06ක්ද මේ සඳහා අයදුම් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව මෙම සමාජ සුබ සාධක වැඩසටහන සඳහා පවුල් මිලියන 3.9ක් අයදුම් කරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

මෙම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 39ක් සුබසාධක ප්‍රතිලාභ ලැබීමට නියමිතව ඇත. අදියර 06ක් යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනේ පළමු පියවර අතරතුර දෙවනි පියවරද ක්‍රියාත්මක වෙමින් පවතින අතර ගෘහ ඒකක වෙත ගොස් දත්ත එක් රැස් කිරීම මීලඟ පියවර බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

සමෘද්ධිලාභීන්, වැඩිහිටි, ආබාධිත ,වකුගඩු රෝගී ලෙස මේ වන විටත් සුභසාධක ප්‍රතිලාභ ලබන්නන් මෙන්ම අලුතින් සුබ සාධක ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන් මේ සඳහා ලියාපදිංචි විය යුතුව ඇත.
එසේ ලියාපංදිචි වීමේ අයදුම්පත් ආකෘති 2022.08.30 දින ප්‍රසිද්ධ කළ අතර 2022.09.29 වන විට දත්ත පද්ධතියට ඇතුළත්කර තිබූ අයදුම්පත් ප්‍රමාණය 100,000කට ආසන්න විය.

එහෙත් පසුගියදා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සියලු මාධ්‍ය ආයතනවලින් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ලැබුණු මාධ්‍ය දායකත්වය සමඟ ලක්ෂ 23ක අයදුම්පත් ලැබී ඇති බව සඳහන් කරන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අයදුම්පත් යොමුකිරීමට ඇති අවසන් දිනය ඔක්තෝබර් 15 වනදා බවත් සිහිපත් කරයි.

දෙසැම්බර් 15දා වන විට සුදුසුකම් සැපිරූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ප්‍රසිද්ධ කිරීමට නියමිත බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46