නොරොච්චෝලේ හෙට සිට යළිත් ජාතික පද්ධතියට එක්වෙයි

පසුගිය 27 වැනිදා නොරොච්චෝල බලාගාරයේ බාහිර කොටසේ සිදුවූ වාෂ්ප කාන්දුවක් නිසා බලාගාරය අක්‍රිය කර එහි නඩත්තු කටයුතු සිදු කළා.

ඒ අනුව එහි නඩත්තු කටයුතු අද (01) අවසන් කිරීමෙන් පසු එහි නිෂ්පාදන විදුලිය හෙට (02 දා) සවස ජාතික විදුලි පද්ධතියට ලබාදීමට බලාගාර ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටියි. එහි හදිසි දෝෂයක් ඇති නොවුහොත් හෙට (02 දා) එහි නිපදවන මෙගාවොට් 270ක විදුලිධාරිතාවය ජාතික පද්ධතියට එක්කළ හැකි බවත් බලාගාර ඉංජිනේරුවරු පවසයි.

වසර 06කට වරක් සිදු කළයුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා බලාගාරයේ 02 වැනි යන්ත්‍රය නවතා තිබෙන අතර එම යන්ත්‍රයද අලුත්වැඩියා කටයුතු සිදු කර එහි නිපදවන විදුලිය මේ මස 11 හෝ 12 දිනවලදී ජාතික පද්ධතියට එක් කරන බවද එහි ප්‍රකාශකයෙක් පැවසීය.බලාගාරයේ යන්ත්‍ර 03 මගින් මෙගාවොට් 900ක විදුලියක් නිපදවන අතර ඉන් මෙගාවොට් 810ක් ජාතික පද්ධතියට එක්කරනු ලබයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39