spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නොරොච්චෝලේ හෙට සිට යළිත් ජාතික පද්ධතියට එක්වෙයි

පසුගිය 27 වැනිදා නොරොච්චෝල බලාගාරයේ බාහිර කොටසේ සිදුවූ වාෂ්ප කාන්දුවක් නිසා බලාගාරය අක්‍රිය කර එහි නඩත්තු කටයුතු සිදු කළා.

ඒ අනුව එහි නඩත්තු කටයුතු අද (01) අවසන් කිරීමෙන් පසු එහි නිෂ්පාදන විදුලිය හෙට (02 දා) සවස ජාතික විදුලි පද්ධතියට ලබාදීමට බලාගාර ඉංජිනේරුවරු කටයුතු කරමින් සිටියි. එහි හදිසි දෝෂයක් ඇති නොවුහොත් හෙට (02 දා) එහි නිපදවන මෙගාවොට් 270ක විදුලිධාරිතාවය ජාතික පද්ධතියට එක්කළ හැකි බවත් බලාගාර ඉංජිනේරුවරු පවසයි.

වසර 06කට වරක් සිදු කළයුතු අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා බලාගාරයේ 02 වැනි යන්ත්‍රය නවතා තිබෙන අතර එම යන්ත්‍රයද අලුත්වැඩියා කටයුතු සිදු කර එහි නිපදවන විදුලිය මේ මස 11 හෝ 12 දිනවලදී ජාතික පද්ධතියට එක් කරන බවද එහි ප්‍රකාශකයෙක් පැවසීය.බලාගාරයේ යන්ත්‍ර 03 මගින් මෙගාවොට් 900ක විදුලියක් නිපදවන අතර ඉන් මෙගාවොට් 810ක් ජාතික පද්ධතියට එක්කරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?