පේරාදේණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 8කටත් කොරෝනා

ඊයේ (14) දිනයේදීත් තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 397 දක්වා ඉහළ ගියා.

එමෙන්ම, ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 802 නෙකු මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ද 75,654 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එසේම පසුගිය ජනවාරි මස 29 වන දින සිට ඊයේ දිනය දක්වා පුද්ගලයින් එක්ලක්ෂ 89,349 දෙනෙකුට කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ ඊයේ දිනයේදී පමණක් ලබාදී ඇති එන්නත් සංඛ්‍යාව 2695ක් බවයි.

මේ අතර, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔවුන් 08 දෙනා ඉංජිනේරු පීඨයේ සිසුන් වන අතර මහනුවර සහ තෙල්දෙනිය කොරෝනා මධ්‍යස්ථානවලට මේ වන විටත් යොමු කර ඇති බවයි විශ්වවිද්‍යාල පරිපාලනය සඳහන් කළේ.

මීට අමතරව තවත් සිසුන් 250ක් පමණ විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨයේ අක්බාර් සිසු නේවාසිකාගාරයේ ආරක්ෂිතව රදවා තබා තිබෙනවා.

මේ අතර, කැළණිය විශ්වවිද්‍යාලයේ ක්ෂේත්‍ර අධ්‍යයනයකට සහභාගිවීමට නියමිතව සිට කොවිඩ් 19 ආසාදනය වූ ශිෂ්‍ය කණ්ඩායමේ පළමු පෙළ ආශ්‍රිතයින් 4 දෙනෙකුට ද කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (14) තහවුරු වී තිබෙනවා.

ඒ, පසුගිය 4 වන දින මානව ශාස්ත්‍ර පීඨයේ සිසුන් 5 දෙනෙකුට කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වීමෙන් පසුව පසුගිය 12 වන දා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් අනතුරුවයි.

අදාළ සිසුන් මේ වන විට පැවැත්වෙන අවසන් වාර විභාග කටයුතු සඳහා සම්බන්ධ සිසුන් නොවන බැවින් විභාග කටයුතු අඛණ්ඩව පැවැත්වීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

එමෙන්ම, දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවකින් ද කොරෝනා ආසාදනය වූ සේවක සේවිකාවන් 27 දෙනෙකු හඳුනාගෙන ඇති බවටයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව තවත් සේවක සේවිකාවන් 67 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක තම ගැටළු සම්බන්ධයෙන් නිසි විසදුමක් මෙතෙක් නොලැබුණු හෙයින් අනිද්දා දින රට පුරා රෝහල්වල සේවයෙන් බැහැර වී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය ආදේශක සේවකයින් ස්ථීර නොකිරීම ඇතුළු ඉල්ලීම් 11ක් සම්බන්ධයෙන් මීට පෙර ද ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වී තිබුණා.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන්ට ලීසිං වාරික ගෙවීමට ලබාදී තිබූ සහන කාලය මාර්තු 31 වනදායින් අවසන් වීමට නියමිත බැවින් එය තවත් වසරකින් දීර්ඝ කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09