රාත්‍රී අහසින් වැටුණු උල්කාපාතයකින් සොයා ගැනුණු රහස මෙන්න

පසුගිය පෙබරවාරියේ දී බ්‍රිතාන්‍යයේ නගරයක් වෙත කඩා වැටුණු උල්කාපාතයකින්, ජල අංශු සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.බ්‍රිතාන්‍යයේ Gloucestershire නගරයේ Winchcombe හි ධාවන පථයකට කඩා වැටුණු මෙම උලකාපාතය සම්බන්ධයෙන් අදහස් දැක් වූ බ්‍රිතාන්‍ය ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ග්‍රහලෝක ද්‍රව්‍ය සමූහයේ පර්යේෂකයෙකු වන ඈෂ්ලි කිං පවසන්නේ අදාල නියැදියෙන් 12%ක් පමණ ජලය අඩංගු බවයි.

මේ අතර “එම ජලයේ සංයුතිය පෘථිවි සාගරවල ජලයේ සංයුතියට බෙහෙවින් සමාන ය,” බව ද ඔහු පවසනවා.

එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ, උල්කා කැබැල්ල පොළවට වැටී පැය 12ක් යෑමට මත්තෙන් පර්යේෂණ කටයුතුවලට යොමු කිරීමට හැකි වූ බැවින් එහි පෘථිවි ජලය සහ වෙනත් ද්‍රව්‍යවලින් දූෂිත නො වූ බවට සැකයක් නැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?