දිවයින පුරා හුදෙකලා කිරීමක් අවශ්‍යද යන්න ගැන හෙට සාකච්ජා – සන්ඩේ ටයිම්ස්

නව කොවිඩ් ප්‍රභේදය මෙරටින් හඳුනා ගැනීමත් සහ දිනෙන් දින ඉහළ යන කොරෝනා රෝගීන් සංඛ්‍යාවේ වර්ධනයත් සමග දිවයින පුරා අගුළු දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, හෙට දිනයේදී රැස්වීමට නියමිත ජාතික කාර්ය සාධක බලකායේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට නියමිතව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටිනවා.

” මේ දක්වා අගුලු දැමීමේ තත්ත්වයක් සම්බන්ධයෙන් තීරණය කර නැහැ. කොව්ඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකායේ දී හෙට දින රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා කිරිමට නියමිතයි” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශය විසින් අධ්‍යනය කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් නිර්දේශ කරනු ඇති බවයි.