සුරේෂ් රයිනා ක්‍රිකට් දිවියට ආයුබෝවන් කියයි

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ වමත් පිතිකරුවෙකු වන සුරේෂ් රයිනා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

සුරේෂ් රයිනා 2020 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේ මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කිරීමත් සමඟයි.

2005 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගයකදී ඉන්දියාව නියෝජය කිරීමට අවස්ථාව හිමිකරගත් සුරේෂ් රයිනා එතැන් සිට 2018 වසර දක්වා අඛණ්ඩව ඉන්දීය කණ්ඩායම නියෝජනය කළා.

2018 වසරේ ජූලි මාසයෙන් පසු 2020 දක්වා ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීමට නොහැකි වූ ඔහු, ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට දැනුම්දීමත් සමඟ රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට නිවේදනය කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ මෙම වමත් පිතිකරුවා 2021 වසරේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව සිය අවසන් අයි.පී.එල්. තරගය ක්‍රීඩා කළා.

එම තරගාවලිය තුළ එතරම් දක්ෂතා දැක්වීමට නොහැකි වූ රයිනාට 2022 වසරේ දී සිය කණ්ඩායම තුළ ස්ථානයක් ලබාදීමට චෙන්නායි සුපර් කිංග්ස් හිමිකාරිත්වය කටයුතු කළේ නැහැ.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 18ක් එක්දින තරග 226ක් විස්සයි විස්ස තරග 78ක් සහ අයි.පී.එල් තරග 205කට ක්‍රීඩා කර ඇති රයිනා මේ වනවිට ක්‍රිකට් දිවියට ආයුබෝවන් කියා අවසන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක් වරක් නෙවෙයි දෙවරක් තෙවරක් පැරැද්දුවත් බලය NPP එකට..පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් සැලසුමක් ?
08:24
Video thumbnail
අර්චුනා අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ
00:46
Video thumbnail
කවදාවත් ලංකාව හදන්නත් බෑ..දුම්රිය සේවය හැදෙන්නෙත් නෑ..දුම්රිය ප්‍රමාදය නිසා ජනතාව කුපිතවෙයි?
04:30
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24


?