සුරේෂ් රයිනා ක්‍රිකට් දිවියට ආයුබෝවන් කියයි

ඉන්දියාවෙන් බිහි වූ විශිෂ්ඨ වමත් පිතිකරුවෙකු වන සුරේෂ් රයිනා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම ආකෘතිවලින් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.

සුරේෂ් රයිනා 2020 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නේ මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කිරීමත් සමඟයි.

2005 වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති එක්දින තරගයකදී ඉන්දියාව නියෝජය කිරීමට අවස්ථාව හිමිකරගත් සුරේෂ් රයිනා එතැන් සිට 2018 වසර දක්වා අඛණ්ඩව ඉන්දීය කණ්ඩායම නියෝජනය කළා.

2018 වසරේ ජූලි මාසයෙන් පසු 2020 දක්වා ඉන්දීය කණ්ඩායමේ ස්ථානයක් තහවුරු කර ගැනීමට නොහැකි වූ ඔහු, ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට දැනුම්දීමත් සමඟ රයිනා ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට නිවේදනය කළා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්ත ද චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ මෙම වමත් පිතිකරුවා 2021 වසරේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව සිය අවසන් අයි.පී.එල්. තරගය ක්‍රීඩා කළා.

එම තරගාවලිය තුළ එතරම් දක්ෂතා දැක්වීමට නොහැකි වූ රයිනාට 2022 වසරේ දී සිය කණ්ඩායම තුළ ස්ථානයක් ලබාදීමට චෙන්නායි සුපර් කිංග්ස් හිමිකාරිත්වය කටයුතු කළේ නැහැ.

ජාත්‍යන්තර ටෙස්ට් තරග 18ක් එක්දින තරග 226ක් විස්සයි විස්ස තරග 78ක් සහ අයි.පී.එල් තරග 205කට ක්‍රීඩා කර ඇති රයිනා මේ වනවිට ක්‍රිකට් දිවියට ආයුබෝවන් කියා අවසන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02