දොස්තරගේ පෙතිවලට බදුල්ලේ තරුණයෝ ඇදී යයි

බදුල්ල මහ රෝහලේ සේවය කරන රසායනාගාර වෛද්‍යවරයකු විසින් පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් මඟින් මත්පෙති අලෙවි කරන බව තොරතුරු අනාවරණය වනවා. විවිධ මිලගණන්වලට අලෙවි කරන ප්‍රිගැබ්, ටැමඩෝල්, ඩයිසිපාම් වැනි ඖෂධ මිලදී ගැනීම සඳහා පාසල් සිසුන් ඇතුළු තරුණයන් විශාල පිරිසක් යොමුවී සිටින බවට බදුල්ල මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

පසුගිය කාලයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පාසල් සිසුන් ඇතුළු තරුණයන් බොහෝ පිරිසකගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මත මෙම වෛද්‍යවරයා හා වෛද්‍ය මධ්‍යස්ථානය ගැන අනාවරණය වී තිබෙනවා.

මෙම වෛද්‍යවරයා රාජකාරි වේලාවන්වලදී පවා බදුල්ල වේවැල්හින්න මාර්ගයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේ වැඩකටයුතු කරන අයෙකු මෙන්ම එම මධ්‍යස්ථානයට පැමිණෙන රෝගීන්ගේ රුධිර හා මුත්‍ර සාම්පල ගෙන ඒවා රෝහල් රසායනාගාරයේදී පරීක්ෂා කර එම වාර්තාවලට මුදල් අය කරන ජාවාරමක්ද කරගෙන යන බව බදුල්ල පළාත් මහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

  1. රසායනාගාර වෛද්‍යවරුන් කියලා ජාතියක් නෑ…රසායනාගාර වල ඉන්නේ එම් එල් ටීලා..රසායනාගාර ශිල්පීන් …😂😂😂