නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරුකර තිබේ.

එසේම බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා මහනුවර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාරුකර ඇත.