ආසියානු කුසලානයේ ශ්‍රි ලංකාවට තීරණාත්මක තරගය අද සවස

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර ස්ථාන හිමිකරගන්නා මීළඟ කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කෙරෙන ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරගය අද (01 වැනිදා) රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහභාගි වීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා. ඒ අනුව ධනංජය ද සිල්වාට අද තරගයේදී කණ්ඩායමේ ස්ථාන හිමිවන බව සැලවෙන අතර වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමේ වැඩි අවස්ථාවක් පවතී.

මේ අතර බංග්ලාදේශය වෙනුවෙන් මාධ්‍ය හමුවට එක් වූ බංග්ලාදේශ ක්‍රිකට් පිලේ අධ්‍යක්ෂක කලිඩ් මහමුඩ් ‘ඇෆ්ගනිස්තානයට වඩා බංග්ලාදේශය හමුවේ ජයග්‍රහණය වාර්තා කිරීම පහසුද කියා අද තරගයේදී බලමු’ යැයි පැවසූ අතර එය, ඇෆ්ගනිස්තානයට සාපේක්ෂව බංග්ලාදේශය සමග තරගය පහසු යැයි මින් ඉහත අවස්ථාවකදී ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමක් විය හැකි.

අද තරගයෙන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?