ආසියානු කුසලානයේ ශ්‍රි ලංකාවට තීරණාත්මක තරගය අද සවස

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කණ්ඩායම් හතර අතර ස්ථාන හිමිකරගන්නා මීළඟ කණ්ඩායම කවුරුන්ද යන වග තීරණය කෙරෙන ශ්‍රී ලංකා, බංග්ලාදේශ තරගය අද (01 වැනිදා) රාත්‍රී 7.30ට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යැවීමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සහභාගි වීමට වැඩි ඉඩක් පවතින බව වාර්තා වනවා. ඒ අනුව ධනංජය ද සිල්වාට අද තරගයේදී කණ්ඩායමේ ස්ථාන හිමිවන බව සැලවෙන අතර වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමේ වැඩි අවස්ථාවක් පවතී.

මේ අතර බංග්ලාදේශය වෙනුවෙන් මාධ්‍ය හමුවට එක් වූ බංග්ලාදේශ ක්‍රිකට් පිලේ අධ්‍යක්ෂක කලිඩ් මහමුඩ් ‘ඇෆ්ගනිස්තානයට වඩා බංග්ලාදේශය හමුවේ ජයග්‍රහණය වාර්තා කිරීම පහසුද කියා අද තරගයේදී බලමු’ යැයි පැවසූ අතර එය, ඇෆ්ගනිස්තානයට සාපේක්ෂව බංග්ලාදේශය සමග තරගය පහසු යැයි මින් ඉහත අවස්ථාවකදී ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානක විසින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමක් විය හැකි.

අද තරගයෙන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක නියපොත්තෙන් කඩන්න තිබ්බ දෙයක් - කවුද ඕඩර් එක නොදුන්නේ..?
08:01
Video thumbnail
ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුමක් නොකලේ ඇයි ?ආණ්ඩුව ෆේල්
14:47
Video thumbnail
ඇමතිගේ අතින් අල්ලගෙන් නිලධාරීන් හඬා වැටෙයි
01:01
Video thumbnail
මහින්ද ඉස්සරහට ගිහින් වටගල දණ ගහනවා - කොන්දක් තියෙනවා නම් කෙළින් ඉන්න
07:02
Video thumbnail
යුද හමුදා නිලධාරීන් ඇවිත් ගාල්ල ජාතික රෝහලට දුන්න ෆුල් සුද්දය
03:36
Video thumbnail
වැලිමඩ ටවුමේ මම ඔයාගේ ෆොටෝ එක තියලා වඳිනවා
07:16
Video thumbnail
සුගීශ්වර යළි රිමාන්ඩ් - ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
01:09
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51