රටේ නම වෙනස් කරන්න කියු ඇමති

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී රටේ නම ශ්‍රී ලංකා ජනරජය ලෙස වෙනස් විය යුතු බවට යෝජනා කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඊට ඇතුළත් විය යුතු යෝජනා පිළිබඳව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.