ජංගම දුරකථන සහ උපාංග වල මිල දැවැන්ත ලෙස ඉහලට

ජංගම දුරකථන සහ උපාංග වල මිල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යාවි දැයි කිව නොහැකි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ද සමස්ත ලංකා කොමිනියුකේෂන් හිමිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා පවසන්නේ ජංගම දුරකථන හා උපාංග ආනයන සීමා කිරීමෙන් පසු ඒවායේ මිල අධික ලෙස ඉහළ යාමේ තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.

එහි වාසිය මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට පමණක් ලැබෙනු ඇති බවද ඔහු පැවසීය.

ඇති වන තත්ත්වය සම්බන්ධයෙන් පාරිභෝගික ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවද හෙතෙම කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?