ඉන්දියාව සහ ජපානය තීරණාත්මක සාකච්ඡාවකට සැරසේ

ඉන්දියාව සමග පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡා වටයක් සදහා ජපානය සූදානම් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා. විදෙස් වාර්තා පැවසුවේ දෙරට අතර පැවැත්වෙන two plus two ද්විපාර්ශවික සාකච්ඡා වටය සදහා ජපානය එලෙස සූදානම් වන බවයි.

එම සාකච්ඡා වටය එළඹෙන සැප්තැම්බර් මස මුලදී ජපානයේ ටෝකියෝ අගනුවර පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ජපානයේ සහ ඉන්දියාවේ විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යවරුන් ඒ සදහා සහභාගී වනු ඇති.

මීට පෙර ඉන්දියාව සහ ජපානය two – plus – two සාකච්ඡා වටයක් සදහා එක්ව තිබුනේ ඉකුත් 2019 වසරේදීයි. එහිදී දෙරට විසින් ඒකාබද්ධ යුද අභ්‍යාස සදහා ඒකාබද්ධ සම්මුතියකට ද එළඹුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?