AFC Banner
Empty Ad
Empty Ad

ජනපති අනුරපුර පුදබිමට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (20) පෙරවරුවේ අනුරාධපුරයේ සංචාරයක නිරත වුණා.

එහිදී ජනාධිපතිවරයා ඓතිහාසික අනුරාධපුර පුදබිමේ දී ආගමික වතාවත් වල ද නිරත වුණා.

අනුරාධපුරයට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් බැහැදැක ආශීර්වාද ලබාගත්තා.

ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රුවන්වැලි මහා සෑරඳුන් වැඳපුදා ගත්තා.

රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණි ජනාධිපතිවරයාට, රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නා හිමියන් විසින් ආගමික වතාවත් සිදුකර ආශිර්වාද එක්කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?