මාලය කොල්ලකෑමට ආ සැකකරු කාන්තාවකට පහර දෙයි (VIDEO)

පසුගිය පැය 24 ක කාලය තුලදී රන්මාල කොල්ලකෑමේ සිදුවීම් 04ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

අක්මීමන, හබරාදුව, කිලිනොච්චිය සහ වෙන්නප්පුව යන ප්‍රදේශවලින් මෙම රන් මාල කොල්ලකෑමේ සිදුවීම් වාර්තා වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය කාල සීමාවේදී මේ ආකාරයේ රන් මාල කොල්ල කෑමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

මහ මග ගමන් කරන විට විශේෂයෙන් මාර්ගය අයිනේ නවතා සිටින යතුරුපැදිකරුවන් සහ මාර්ගයේ ගමන් කරන විට අවස්ථා කිහිපයකදී තමන් අසලින් ගමන් කරනා යතුරුපැදිකරුවන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර බොරලැස්ගමුව පොලිසිය විසින් රන් මාල කොල්ලකෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කහතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු පිළියන්දල, බොරලැස්ගමුව ඇතුළු අවට ප්‍රදේශවල සිදුවූ රන්මාල කොල්ලකෑම් සිදුවීම් 07 කට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

මෙම සැකකරු සතුව තිබී එසේ සොරකම් කරන ලද රන්මාල 4ක් සහ ජංගම දුරකථනයක් පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මේ අතර පසුගිය දෙසැම්බර් මස 31 වෙනිදා දෙහිවල, යුනියන් පෙදෙස පටුමගේ ගමන් කරමින් සිටි කාන්තාවකට පහරදී ඇයගේ ගෙල බැදී රන් මාලය කොල්ලකෑමේ සිදුවීමක් අසල පිහිටි CCTV කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා.

කෙසේ වුවත් එම කාන්තාව සඳහන් කළේ තම මාලය කොල්ලකෑ සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

https://youtu.be/3ycTt1Mqc30
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09