බ්‍රිතාන්‍ය වෛරස ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිරිය හැකියි – වෛද්‍ය පර්යේෂකයින් කියයි

මෙරට ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති, බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදය ව්‍යප්තවීම සාමාන්‍ය වෛරසයට වඩා සියයට පනහකින් ප්‍රබල බව අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් එම ප්‍රභේදය හඳුනාගෙන තිබුණි. 

ශ්‍රී ජයවර්ධනයපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ආයතනයේ සිදුකළ පරීක්ෂණ වලදී ඒ, කොවිඩ් ප්‍රභේද හදුනාගැනීමට හැකිවිය.

PCR පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිත බවට හදුනාගත් පුද්ගලයින්ගෙන් හා කොවිඩ් පොකුරු හමුවූ ප්‍රදේශවලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුව ලබාගත් ජෛව සාම්පල 92 ක් ඇසුරින් එම පරීක්ෂණ සිදුකර තිබුණි.

මෙම නව ප්‍රභේදයේ ආසාදිතයින් හදුනාගෙන ඇත්තේ, ජනවාරි මස සිටය. 

“වඩා වැදගත්ම සොයා ගැනීම වුණේ B.1.1.7 කියන ප්‍රභේදයට අදාළව 92කින් 13ක් විතර හමුවෙලා තියෙනවා. බෙපරවාරි මැද හමුවූ සාම්පල තාම පරීක්ෂණ කරගෙන යනවා. කොහොමද දිවයින පුරා පැතිරගියේ කියන එක අපි අධ්‍යනය කරලා නෑ. එකක් තමයි ලංකාව තුළ මේ ප්‍රභේදය නිර්මාණය වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එංගලනතයට ඒක ආපු විදිහ තාම අධ්‍යයනය කරලා සොයාගෙන නෑ,” යනුවෙන් වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.මේ වන විට රටවල් 50කට වැඩි ගණනක පැතිර ගොස් ඇති එම නව ප්‍රභේදය ඉදිරියේදී ලොව පුරා මහත් ව්‍යවසනයක් ඇතිකරමින් ව්‍යාප්ත වනු ඇති බවට බ්‍රිතාන්‍යය විශේෂඥයින් ද අනතුරු අඟවා තිබේ.එක්සත් රාජධානියේ ජාන නිරීක්ෂණ වැඩසටහනේ ප්‍රධානි මහාචාර්ය ෂැරොන් පීකොක් පෙන්වා දෙන්නේ, එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයෙන් සොයාගත් මෙම නව වෛරස් ප්‍රභේදය ලොව දරුණුතම කොවිඩ් ප්‍රභේදය බවට පත්විය හැකි බවය. 

කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද එන්නත් නව ප්‍රභේදයට එරෙහිව හොඳින් ක්‍රියා කරන්නේ යැයි පෙනී යන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

මේ වනවිට එක්සත් රාජධානිය තුළ භාවිත කරනු ලබන්නේ, ඇස්ට්‍රා සෙනෙකා සහ ෆයිසර් කොවිඩ් එන්නත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09