AFC Banner
Empty Ad
Empty Ad

95 හැවිරිදි මිත්තනියක් විභාගය ලියයි

ඉගෙනීම සඳහා වයස අභියෝගයක් නොවන බව ආදර්ශයෙන් තහවුරු කළ 95 හැවිරිදි මිත්තනියක් පිළිබඳව තොරතුරු නාවලපිටිය ප්‍රදේශයෙන් අංශයට වාර්තාවුණා.

ලීලාවති ඇස්ලින් ධර්මරත්න නැමති ඇය මෙරට වයසින් වැඩිම විභාග අපේක්ෂිකාවයි.

ප්‍රථමයෙන් ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස සේවයට එක්වූ ඇය පසුව නොතාරිස්වරියක් ලෙසද කටයුතු කර තිබෙනවා.

ඇය අද මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ ස්ථාපිත විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ සිටියේ ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධිය වෙනුවෙන් පරීක්ෂණයට මුහුණදීම සඳහායි.   මෙවැනි වයසකදී විභාගයට මුහුණදුන් අදාළ මිත්තනිය ප්‍රකාශ කළේ විභාගය සමත් වුවහොත් කැළණිය විශ්වවිද්‍යාලයේදී පශ්චාත් උපාධි පරීක්ෂණයටද පෙනී සිටින බවයි. අධිෂ්ඨාණය පවතින්නේ නම් කළ නොහැක්කක් නොමැති බවද ඇය කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?