9 හැවිරිදි දරුවෙක් පැහැර ගැනීම ගැන විමර්ශන

එප්පාවල කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයේ පදිංචි 9 හැවිරිදි පිරිමි දරුවකු කිසියම් පුද්ගලයකු විසින් පැහැර ගෙන ගොස් ඇති බවට අදාළ දරුවාගේ දෙමාපියන් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

දරුවා කිරලෝගම සුබෝධි මහා විද්‍යාලයේ සිව් වන වසරේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර ඔහු ප්‍රදේශයේ විදුලි කාර්මික ශිල්පි ආයතනයක් පවත්වාගෙන ගිය විදුලි කාර්මික ශිල්පියකු සමඟ මිතුරුව සිටි බවත්, අදාළ විදුලි කාර්මිකයා දරුවා පැහැර ගෙන යන්නට ඇති බවට සැකකරන බවයි දරුවාගේ මව ප්‍රකාශ කර ඇත්තේ.

ඊයේ (19) රාත්‍රි 8.30 පමණ පසුව දරුවා නිවසේ නොමැති බවට දැන ගෙන සොයා බැලූවද මෙතෙක් ඔහු සම්බන්ධයෙන් තොරතුරක් නොලැබුණ බව දරුවාගේ මව ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ දරුවාගේ මව..

“ඊයේ (19) ගොඩක් වැස්ස. මගේ කකුලේ අමාරුවකුත් තිබුණා.මම ඊට පස්සේ ඔය ඉලෙක්ට්‍රික් වැඩ කරන ප්‍රියන්ත මල්ලිට කිව්වා දරුවා පාසලට ගෙනිහින් දාන්න කියලා. එයා හා අක්කේ ළමයා තෙමන්න බෑනේ මම ගෙනිහින් දාලා ආපහු එක්ක ගෙනත් එන්නම් කියලා කිව්වා. එයා දරුවාට හරි ආදරේ බවක් පෙන්නනවා. හැමදේම කරලා දෙනවා.දරුවා එක්කගෙන ගියා උදේ ඇවිත්. හැබැයි දරුවාව ඉස්කෝලෙට දාලා නෑ. මං ඒක පස්සේ දැන ගත්තේ. මගේ පුතා ඉලෙක්ට්‍රික් වැඩ වලට ආසයි. ඒකයි ඒ කෙනා එක්ක මිතුරු. එයා එක්ක එකතු වෙලා රේඩියෝ එකකුත් හදලා තියෙනවා. මට ඒ ප්‍රියන්ත කියන කෙනා කලින් දවසක කිව්වා සෙලින්කෝ එකෙන් තරඟයක් තියෙනවා, මෙයා ඔය හදන දේවල් ඒකට ඉදිරිපත් කලාම සහතික දෙනවා. ඒවාට උදව් කරනවා කියලා කිව්වා. පුතත් ඒකට යන්න ඕන කිය කිය කිව්වා. පුතා ප්‍රියන්තත් එක්ක එකතු වෙලා හදපු රේඩියෝ එකට ගියපු වියදමවත් අපෙන් ගත්තේ නෑ. සෙලින්කෝ එකෙන් ඒවත් හම්බෙනවා කියලා කිව්වා. මේක හදපු හැටි රෑට සෙලින්කෝ එකෙන් කථා කරලා විස්තර අහයි කියලා කිව්වා. ඊට පස්සේ පහුවදා උදේ ඒ කියන්නේ ඊයේ (19) 6ට විතර මට කෝල් එකක් ආවා. දරුවාගෙන් විස්තර ඇහුවා මේ උපකරණය කොහොමද හැදුවේ කියලා. පුතා ඒවට උත්තරත් දුන්නා. මට සැක හිතුනා ඒ කථා කලේ ප්‍රියන්තමයි කියලා. මට ඊට ටික වෙලාවකට පස්සේ ප්‍රියන්ත කථා කරලා ඇහුවා සෙලින්කෝ එකෙන් කථා කළාද කියලා ? මම ඒ වෙලාවෙත් එයාට කිව්වා ඔයාගේ කටහඩ ඇහුනේ කියලා. මට කටහඩ මාරු කරලා කථා කරපු විත්තියක් තේරුණා. සිග්නල් නැති හින්දා එහෙම ඇහෙන්න ඇත්තේ. මං එන්නම් ළමයා ඉස්කෝලේ දාන්න කියලා කිව්වා. එයා කිව්වා 3.00ට කලින් සෙලින්කෝ එකට පුතා ඒ ඉලෙක්ට්‍රික් වැඩ කරන වීඩියෝ එකක් යවන්න ඕන කියලා. මම කිව්වා ඉස්කෝලේ ඇරිලා ඇවිත් ඒ වීඩියෝ එකත් යවලා 3.30 විතර වෙද්දී අරන් එන්න 4.00ට ඉංග්‍රීසි පන්ති තියෙනවා කියලා.

ඊට පස්සේ ඉස්කෝලෙට දැම්මා කියලා කෝල් එකකුත් දුන්නා. 2.10ට විතර පුතා එක්කන් ආවා කියලත් කෝල් කලා. ඊට පස්සේ අර වීඩියෝ එක කරන ගමන් ඉන්නේ කිව්වා. හා කියලා 3.30ට ළමයා එක්කන් ආවා. ඊට පස්සේ පුතා ගෙට ගිහින් පන්ති යන්න ලෑස්ති වෙලා ආවා. ඊට පස්සේ එයාම පුතාව පන්ති දාලා ආපහු එක්කගෙනත් එන්නම් කිව්වා. හවස වහින්නත් වගේ නේ කියලා කිව්වා. එයාගේ වෙනසක් මට තේරුණේ නෑ. ළමයාට ආදරයට මේවා කරනවා කියලා මම හිතුවේ. ඊට පස්සේ 4.30ට විතර තමයි පන්තිය ගාවට එයා ගිහින් තියෙන්නේ. පන්තියට ගිහින් කියලා තියෙනවා ළමයා අද එන්නේ නෑ. ළමයාට බඩේ අමාරුවක්. ලබන සතියේ ඉඳන් එන්නම් කියලා ළමයා කදුරුගස්වැව පැත්තට එක්කන් ගිහින් තියෙනවා. ඊට පස්සේ 6.00 ට විතර කථා කරලා කිව්වා අක්කේ මං පන්තිය ලඟ ඉන්නේ. හරි පුතා එනවා මං එක්කන් එන්නම් කියලා කිව්වා.

ඊට පස්සේ ළමයා අරගෙන ගෙදරට ආවා 6.30ට විතර. ඊට පස්සේ ප්‍රියන්ත කියන කෙනා දරුවා ගෙදරට දාලා මම දැක්කා ළමයාගේ ඔලුව අත ගාලා මොනවා හරි කියනවාත් මං දැක්කා, ඊට පස්සේ ප්‍රියන්ත යන්න ගියා. මට කට්ටිය කිව්වා ළමයා මෙයා ගාවට යවන්න එපා කියලා. හැබැයි මේ ඔක්කොම මං මේ ඔක්කොම වුණාට පස්සේ දැන ගත්තේ. ටීචර්ට කථා කළාට පස්සේ තමා මං දැන ගත්තේ පන්ති ගෙනිහින් නෑ කියලා. ඉස්කෝලේ සර්ට කථා කරාම දැන ගත්තේ ඉස්කෝලෙට ළමයා දාලත් නෑ කියලා. ප්‍රියන්ත කිව්වා එයාගේ බිරිඳයි, දරුවෝ දෙන්නයි වැලිකන්දේ බෝම්බයකට අහුවෙලා මැරුණා කියලා. ළමයි නැති ශෝකයට මෙයා මගේ දරුවාට ආදරේ කරන්නේ කියලා මම හිතුවා. ඊට පස්සේ කොහොම හරි ඊයේ (19) රෑ 8.30 ට විතර බලන කොට පුතා ගෙදර හිටියේ නෑ. හැම තැනම හෙව්වත් පුතා ගෙදර කොහෙවත් හිටියේ නෑ. අර ප්‍රියන්ත කියන කෙනා රෑ අපේ ගේ ලඟ ත්‍රීවිල් එක නවත්තගෙන ඉන්නවා ඒ ලඟ ගෙවල් වල අය දැකලා තියෙනවා. අපි සැක කරන්නේම ප්‍රියන්ත තමයි දරුවා පැහැරගෙන ගියේ.

රිමෝට් කාර්, එල්.ඊ.ඩී බල්බ් වර්ග දීලා තිබුණා මේ බයිසිකලේට එල්ලගන්න, නොමිලේ ඒවා හදලා දීලා තමයි පුතාව යාලු කර ගත්තේ, ඔය දැන හැදුනුම්කම දැන් මාස 2 ½ ක් විතර ඉඳන් තියෙන එකක්, පුතා ඉලෙක්ට්‍රික් වැඩ වලට ආසා නිසා එයා ඒ දේවල් වලට උදව් කරන විදිහට පුතාව වෙන මොනවා හරි දේකට පොළඹවාගෙන තියෙනවා කියලා මට හිතෙනවා. දරුවා අතුරුදන් වුණාට පස්සේ අපි ප්‍රියන්තගේ කඩේට ගිහින් බැලුවා, එයා හිටියෙත් නෑ. අපි ඊට පස්සේ අපි ප්‍රියන්ත පදිංචි තලාවේ ගෙදරට ගියා එහෙත් නෑ, ඊට පස්සේ අපි 119 එකට පැමිණිලි කළා. එප්පාවල පොලීසියට ගිහින් අපි පැමිණිල්ලකුත් ඉදිරිපත් කළා. තවම පුතා ගැන තොරතුරක් නෑ.මං වැඳලා ඉල්ලන්නේ මගේ පුතාව හොයලා දෙන්න කියලා. මගේ පුතා අවසානේට රතු ටී ෂර්ට් එකකුයි, දුඹුරුපාට දිග කළිසමකුයි ඇඳන් හිටියේ යැයි පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34