9 වැනි මහලෙන් පැන්නාද? වැටුණාද? තරුණයෙකුගේ සිරුරක් නිවාස සංකීර්ණය පාමුල

තලාහේන හල්බරාව ඕකිඩ් උද්‍යානය සුපිරි නිවාස සංකීර්ණය පාමුලදී තරුණයෙකුගේ සිරුරක් හමු වූ බව මුල්ලේරියාව පොලිසිය පවසනවා.

එම සිරුර එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක මෘදුකාංග ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කළ තරුණයෙකුගේ සිරුරක් බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ කවින් ලක්ෂාන් බණ්ඩාර ගුණරත්න නම් විසි හය හැවිරිදි තරුණයෙකුයි.

මහල් 12 කින් සමන්විත නිවාස සංකීර්ණයේ 09 වැනි මහලේ මෙම තරුණයා සිය මව සහ සොහොයුරිය සමඟින් පදිංචිව සිට තිබෙනවා.

සිද්ධියට අදාළ දිනයේදී මියගිය තරුණයා රාත්‍රි ආහාර ගෙන 11.30 ට පමණ නින්දට ගොස් තිබෙනවා.

පසුව මියගිය තරුණයා නිවාස සංකීර්ණයේ පාමුල ගසක් යට වැටී සිටින බවට අලුයම මවගේ ජංගම දුරකථනයට පණිවුඩයක් ලැබී තිබෙනවා.

ඒ අනුව මව සහ සොයුරිය එම ස්ථානයට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම පණිවුඩය ජංගම දුරකථනය හරහා මව වෙත ලැබෙන තෙක් ඒ පිළිබඳ කිසිවක් ඔවුන් නොදැන සිට ඇති බව මව සහ සොයුරිය ලබාදුන් ප්‍රකාශයක සඳහන් වනවා.

මියගිය තරුණයා පදිංචි නිවසේ බැල්කනියට පිටස්තර කිසිවෙකුට පිටතින් ඇතුළුවිය නොහැකි ආකාරයෙන් සුදු යකඩ ආවරණයක් ඒ වටා ඉදි කර තිබෙන අතර තරුණයා බැල්කනියෙන් පිටතට පැන්නාද ? වැටුණා ද යන්න ස්ථිර ලෙස කිව නොහැකි බවත් පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජයට ගැසට් පත්‍රයක්වත් හරියට මුද්‍රණය කරගන්න බෑ
02:03
Video thumbnail
ජනාධිපතිතුමාටවත් බෑ මේකට අත තියන්න - දිලිප් සැරටම අමතයි
06:59
Video thumbnail
මහවැලියේ එක බිම් අඟලක්වත් අපිට ඕනේ නෑ
05:42
Video thumbnail
ධීවරයින්ගේ සත්‍යග්‍රහයට දිලිප් වෙදආරච්චිත් ඉඳගනී
01:35
Video thumbnail
ජනතාව ඉක්මණින් මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා
03:44
Video thumbnail
වෙඩික්කරුගෙන් නූලෙන් බේරුණු සජබ අපේක්ෂකයා
03:18
Video thumbnail
නාමල්ව CIDයට එන්න කිව්වේ නාඩි බලන්න නෙමෙයි
06:49
Video thumbnail
නිල ඇඳුමත් ඇඳගෙන පාසල් ගිය ගම්මන්පිල, දොළවත්ත ඇතුළු සෙට් එක..අත් දෙකත් බැඳගෙන දාන හිනාව
02:37
Video thumbnail
ගඳ ග#න කාණු වෙනුවට, උද්‍යානයක හැදෙන මල් මෙන් මිනිස්සුන්ට ජීවිතය දෙන්න වෙර දරනවා
03:36
Video thumbnail
සංචාරක හෝටල්වල කැළි කසල නිසා භික්ෂූන් වහන්සේලා කුපිත වෙයි..ගඳේ බෑ - පාරක බැහලා යන්න බෑ
05:41


?