ලොස් ඇන්ජලීස් නුවරින් ගුවන් ගත වූ යානයක ව්‍යාජ පැහැරගැනීම් අනතුරු ඇඟවීමක්

ලොස් ඇන්ජලීස් නුවර සිට සිංගප්පුරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක හදිසි නාද කිරීමේ සීනුව නාද වී තිබෙනවා.

එම නාද කිරීමෙන් පෙන්නුම් කර ඇත්තේ ගුවන් යානය පැහැරගෙන යන බවයි.

මේ හේතුවෙන් ගුවන් තොටුපල බලධාරීන් බියට පත්ව ඇති අතර පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස හදිසි සංඥාව නාද වී ඇති බවයි.