Rajapura Handi Oil
Rajapura Diabetic Powder

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත්කර ගන්න – විපක්ෂ නායක

80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින මොහොතක රජය අඛණ්ඩව උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියත්මක කරන බව පවසන බවත් මෙසේ අඛණ්ඩව උපාධිධාරීන් බඳවා ගන්නවා නම් 80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් මහපාරේ ඉන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (14) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව උසස් අධ්‍යාපනයේ ඉහළටම ගිය අය අතර දකුණු ආසියාවේ වැඩිම විරැකියා ප්‍රතිශතය වන 43%ක් අප රටේ ඇති බවත් සංවර්ධන නිලධාරීන් ගුරුවරුන් ලෙස දශක ගණනාවක් සේවය කළත් අදටත් මැතිවරණ පොරොන්දුව ලෙස ගුරු සේවයට එන්න බැරිව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මානව සංවර්ධන දර්ශකයට රැකියාවක් පැවතීම කරුණක් වුවත් ඒ තුළින් ලැබෙන ආදායමෙන් සෙසු දේවල් නිර්මාණය වන බවත් මේ රැකියා විරහිත උපාධිධාරීන් 80,000ම බරපතළ ගැටලුවලට මුහුණ දෙන නිසා මොවුන් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන වත්මන් ජීවන මට්ටමට සරිලන මාසික දීමනාවක් ලබා දෙන ලෙසත් ඔහු මෙහිදී ඉල්ලා සිටියා.

එමෙන්ම පසුගිය මැතිවරණ තුනේදීම මෙම රැකියා විරහිත උපාධිධාරීන් වත්මන් රජයට බලය ලබාදුන්නේ මෙම රැකියා ලබා ගැනීමට බවත්, අවම වශයෙන් මොවුන් අභ්‍යාසලාභී පත්වීම් ලබා දී පුහුණුවක් දී රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට දුවන්නම දෙයි - හාහා කවුද හොරා
Video thumbnail
පොලිසියට බයේ ගිනි අවිය විසික්කරලා පැනලා ගිය සැකකරුවන්
02:05
Video thumbnail
විපක්ෂයට ඇඩ්රස් නැතිවෙයි - අභියෝගය භාරගන්න අපි ලෑස්තියි
13:03
Video thumbnail
තව අවුරුදු 5කින් ඔයාලා පුදුම වෙයි - යාගයක් හෝමයක් කරගෙන පාඩුවේ ඉන්න
21:53
Video thumbnail
මහින්ද පාවිච්චි කරපු විජේරාම නිවසේ AI මධ්‍යස්ථානයක් හදනවා
02:28
Video thumbnail
අජිත් පී පෙරේරා අයවැය නැත්තටම නැතිකරයි - ලැජ්ජයි ලැජ්ජයි
27:51
Video thumbnail
හිඟා කනවකෝ ගිහින් රෙද්දක් එළාගෙන - මිහින්තලේ හිමි සැරටම අමතයි
14:30
Video thumbnail
අයවැය කියවීමේ විවාදය -පළමු දින - සජීවී විකාශය - 2026.11.13
09:11:53
Video thumbnail
ඔයා කොට්ට මෙට්ට හොරකම් කරගෙන ගියානේ.. චමින්ද, කථානායක එක්ක ගේම ඉල්ලයි
02:01
Video thumbnail
සජිත් - බිමල් පැටලෙයි.. උදෙන්ම උණුසුම් තත්ත්වයක්
06:40