75 වන ජාතික නිදහස් දින සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් අභිමානවත්ව

75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය “නමෝ නමෝ මාතා සියවසට පියවරක්” තේමාව යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලු මුවදොර පිටියේ දී පැවැත් වුණා.

අවම වියදමකින් වුව ද ඉතා අභිමානවත් ලෙස මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර ශ්‍රී ලාංකේය ජාතියේ අභිමානය සහ ශ්‍රි විභුතිය නැවත ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීම මෙහි අරමුණ යි.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැල කෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන ඒම සිදු කෙරුණා.

ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසුවයි උත්සවයේ කටයුතු ආරම්භ වූයේ.

අනතුරුව ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙන යාම සිදු වූ අතර එහිදී පාසල් සිසු සිසුවියන් 105 දෙනෙකු ජාතික ගීය ගායනා කකළා. එමෙන්ම පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ “දේවෝ වස්සතු කාලේන” ගාථාව ගායනා කිරීම ද සිදු වූවා.

අනතුරුව සිදු කෙරුණේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරීභාවයේත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවි පිදූ සියලුම ශ්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමයි.

ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදු කෙරුණු අතර, ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බව ලොවට පසක් ‍කරමින් 75 වන නිදහස් දින සැමරුම් පෙළපාලිය, ත්‍රිවිධ හමුදාව පොලීසිය හා සිවිල් ආරක්ෂක බලකාය වර්ණවත් කළා.

ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිය සහ උදාරත්වය විදාහ දක්වමින් සිංහ ප්‍රතිමාව රැගත් රථය පෙරටු කර ගනිමින් යුද, නාවික,ගුවන් පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 100 දෙනෙකු ජාතික ධජ රැගෙන පෙළපාළියේ ගමන් කළා.

ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ ද ඊට ඇතුළත් වූ අතර, රෙජිමේන්තු සහ සන්නද්ධ බලකා නියෝජනය කරන පෙළපාලි ද විශ්‍රාමික නිලධාරීන් 21 දෙනෙකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනෙකු එහි ගමන් කරනු ලැබුවා. ත්‍රිවිධ හමුදා තූර්ය වාදක පෙළපාලියක්ද ඊට ඇතුළත් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාව සතු ගුවන් ශක්තිය ප්‍රදර්ශනය කෙරෙන කෆිර් යානා ඇතුළු ගුවන් සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකාව සතු නාවුක ශක්තිය ද අභිමානවත්ව ප්‍රදර්ශනය කෙරුණා.

පැරෂුට් සංදර්ශනයකින් ද මෙම උළෙල වර්ණවත් වුණා.

මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු ද, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

75 වන නිදහස් සැමරුම වෙනුවෙන් මෙරටට පැමිණි ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ටකෙයි ෂන්සුකේ (Takei Shunsuke), භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai). මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid), බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් (A.K. Abdulla Momen), පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි ඛා(ර්) (Hina Rabbani Khar), ඉන්දියානු විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් (Muraleedharan), නේපාලයේ විදේශ අමාත්‍යාංශයේ ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් (Bimala Rai Paudyal), පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) යන මහත්ම මහත්මීන් ද, විදෙස් තානාපතිවරු, සහ මහකොමසාරිස්වරුන් ද, උත්සවයට එක්වුණා.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, කැබිනට් ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් දෙයක් කිව්වම අනේ ප්ලීස් එපා කිව්වා..කොහොමද අපේ ආණ්ඩුවේ - පම්පෝරිය කටේ
03:34
Video thumbnail
නැකත් නැති නොනගතේ නැකත් ඕනි කියන්නේ ලිත් මුදලාලිගේ සල්ලි..ඇයි මෙච්චර කැක්කුමක්..
09:21
Video thumbnail
මෙරට විශාලම ජල මූලාශ්‍රය පිටබැද්දරින් මතුවෙයි.."මාර සතුටක් තියෙන්නේ..මෙහෙම දකිද්දි"
04:14
Video thumbnail
පිටබැද්දර පොළොවෙන් මතු වූ මහ ජල කඳ
00:36
Video thumbnail
පලුගස්වැවේ සැප දාපු SPA සෙට් එකට වැඩ වරදියි..වසන්තගෙන් දැඩි ප්‍රකාශයක් l Wasantha Samarasinghe
09:57
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මාර්ග සංඥා නොතකා ගමන් ගන්නා බස් රථය..ජීවිත ගැන කිසි වගකීමක් නැ
01:07
Video thumbnail
ඉදිරියේදී ඉන්ධන නැතිවීමේ ප්‍රවණතාවක් ?.. QR ක්‍රමවේදය අත්‍යවශ්‍ය වෙනවා
06:23
Video thumbnail
සලේගේ ළඟම හිතවතා මුල ඉදලම සිදුවුණු සියල්ල මාධ්‍යයට හෙළිකරයි..ඇයි සලේ ලංකාවෙන් පිටවෙලා ගියේ ?
43:38
Video thumbnail
වාසනාවකට ජීවිත බේරුණ බිහිසුණු අනතුර..වෑන් රථය කුඩේ කුඩු වෙලා
00:53
Video thumbnail
ලැක්ටෝවත්ත දහන උඳුනේ විනාශ කරන ද්‍රව්‍ය ගැන නි.පොලිස්පති අශෝක හෙළිකරයි
04:48