AFC Banner
Empty Ad
AFC Banner

75 වන නිදහස් සැමරුමට පැමිණි විදෙස් රටවල අමාත්‍යවරු ජනපති හමු වෙයි

75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍යවරු ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් මහතා (V. Muraleedharan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ජන කොටස් අතර සහජීවනය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ශ්‍රී ලංකා රජය ගෙන ඇති මෙම පියවර පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රසාදය පළ කෙරුණා.

නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීමට මෙරටට පැමිණි භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර සංචාරක සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් (A.K. Abdulla Momen) මහතා අතර හමුවයි ඉන් අනතුරුව පැවැත් වුණේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් මිත්‍ර රාජ්‍යයන් ලෙස සහයෝගයෙන් ඉදිරියට ගමන් කිරිම පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ බංග්ලාදේශ රජය ලබාදුන් සහාය පිළිබඳ ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තා.

පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි (කා)ර් (Hina Rabbani Khar) මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය අගය කළ පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය පාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළෙඳ, සංචාරක සහ ආගමික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් (Bimala Rai Paudya) මහත්මිය අතර හමුවයි ඉන් අනතුරුව සිදු වුයේ.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ නේපාල විදේශ අමාත්‍යවරිය දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද කියා සිටියා.

මේ අතර මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් අඩු කරන්න - ගෑස් අඩු කරන්න අනුරට බෑ - කියපු එකක්වත් කරගන්න බැරිව දැන් ලත වෙවි ඉන්නේ
05:47
Video thumbnail
අනුරට ඡන්දෙ දාන්න අපු අය පාස්පෝර්ට් පෝලිමේ - හඬ පට එක්ක මාලිමාවේ රෙදි ගලවයි
03:40
Video thumbnail
මාලිමාවේ ඡන්දේ දීපු අය දැන් හොයා ගන්නත් නෑ - ආණ්ඩුව යන්නේ කෙටි දුරයි #akd #sjb
02:43
Video thumbnail
රනිල් තමයි මිනිස්සුන්ට හුස්ම ගන්න පුලුවන් වෙන්න රට හදලා දුන්නේ #ranilwickremesinghe
02:51
Video thumbnail
අධිවේගී මාර්ගයේ උඩින් ගිය ලොරි රථය - අධික වේගය නිසා - නතර වුණ තැන
02:39
Video thumbnail
එක තඹ සතයක් ජාතික ජන බලවේගයේ - ජයග්‍රහණයට රාජ්‍ය මුදල් භාවිතා කරන්නේ නැත. #npp #akd
13:01
Video thumbnail
එදත් වෛද්‍ය ශාෆි වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනි හිටියේ අනුර කුමාර දිසානායක #akd #npp
03:10
Video thumbnail
කොළඹින් රට හදන තැනට එන නීතිඥ ආචාර්ය ප්‍රියංකා ජයසේකරගේ ඔබ නොදත් කතාව
35:45
Video thumbnail
තත්පර 5 රීතිය - දවස් 21 රීතිය ගැන ඔබ දැනුවත් ද? / පටන් ගත්තු වැඩක් මොරාල් එකකින්ම ඉවර කරමු ද?
03:37
Video thumbnail
අනුර රනිල් වලිය අලුත් වෙයි - අනුරට පලු යන්න බනී #ranilwickremesinghe #anurakumaradissanayake
23:37

?