75 වන නිදහස් සැමරුමට පැමිණි විදෙස් රටවල අමාත්‍යවරු ජනපති හමු වෙයි

75 වන නිදහස් සැමරුම් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් මෙරටට පැමිණි අමාත්‍යවරු ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී. මුරලිදරන් මහතා (V. Muraleedharan) පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ජන කොටස් අතර සහජීවනය තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ශ්‍රී ලංකා රජය ගෙන ඇති මෙම පියවර පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රසාදය පළ කෙරුණා.

නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගී වීමට මෙරටට පැමිණි භුතානයේ අධ්‍යාපන හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ජායි බිර් රායි (Jai Bir Rai) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර සංචාරක සහ සංස්කෘතික ක්ෂේත්‍රයන් තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ.කේ. අබ්දුල් මොමෙන් (A.K. Abdulla Momen) මහතා අතර හමුවයි ඉන් අනතුරුව පැවැත් වුණේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කර ගනිමින් මිත්‍ර රාජ්‍යයන් ලෙස සහයෝගයෙන් ඉදිරියට ගමන් කිරිම පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අසීරුතාවට මුහුණ දුන් අවස්ථාවේ බංග්ලාදේශ රජය ලබාදුන් සහාය පිළිබඳ ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කර ගත්තා.

පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හිනා රබානි (කා)ර් (Hina Rabbani Khar) මහත්මිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවුණා.

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමට ජනාධිපතිවරයා ගන්නා උත්සාහය අගය කළ පාකිස්ථාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය පාකිස්ථානයේ සංචාරයක නිරත වන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර වෙළෙඳ, සංචාරක සහ ආගමික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාලයේ විදේශ අමාත්‍ය ආචාර්ය බිමලා රායි පෞද්‍යාල් (Bimala Rai Paudya) මහත්මිය අතර හමුවයි ඉන් අනතුරුව සිදු වුයේ.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ නේපාල විදේශ අමාත්‍යවරිය දෙරට අතර සංචාරක කටයුතු තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ද කියා සිටියා.

මේ අතර මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂහීඩ් (Abdulla Shahid) මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36