logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

71 හැවිරිදි විරිය කතක් ලක් මව රනින් සරසයි

පිලිපීනයේ දී පැවති මාස්ටර් මලල ක්‍රීඩා උලෙළේ දී මෙරටට රන් පදක්කම් දෙකක් දිනා දීමට විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් සමත් ව තිබෙනවා.

71 හැවිරිදි මෙම විශිෂ්ට ක්‍රීඩිකාව සිය තරග ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ලක් මාතාවට දිනා දීමටයි සමත් ව ඇත්තේ.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු අකිලා තිරුනායකී නමැති ඇය මීටර් 1500 සහ 5000 ඉසව්වලිනුයි මෙම රන් පදක්කම් දිනා ගත්තේ.

ඇයට මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ද හිමිවුණා.

එමෙන්ම මීටර් 400 ඉසව්වෙන් සිව්වැනි ස්ථානය ද ඇයට හිමිව ඇති බවයි වාර්තා වන්නේ.

අකිලා නමැති මෙම මැදි වයස ඉක්ම වූ ක්‍රීඩිකාව මුලතිව් – මුල්ලියාවලෛ හි පදිංචිකාරිනියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
0
+1
13
+1
7
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?