Empty Ad
AFC Banner
Empty Ad

500 නෝට්ටු ගන්න කළින් මේ දේ බලන්න – නැත්නම් ඔයා අමාරුවේ

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ සහ අංගම්පිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (30) පස්වරුවේ මෙම වැටලීම සිදුකළ බවයි.

සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ සහ අංගම්පිටිය ප්‍රදේශයේ දී අතුරු මාර්ගයකින් පැමිණි යතුරු පැදියක් පරික්ෂා කිරීමේදී රුපියල් පන්සිය (500 ) වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු හැටක් (60 ) සොයා ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් තාවකාලිකව පදිංචිව සිටි සිදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් පරික්ෂා කිරීමේදී එහි කාමරයක සඟවා තිබූ අනුක්‍රමික අංක සහිත රුපියල් පන්සීයේ වටිනාකමක් සහිත ව්‍යාජ මුදල් නෝට්ටු පන්සිය හතලිස් දෙකක් (542 ) සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කරගත් කැනොන් වර්ගයේ පොටෝ කොපි යන්ත්‍රයක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙකු වීරගුල පොලිස් වසමේ රුක්මලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් T/ 17 – 758552 , T/ 17 – 758578 , T/17 – 758779 අනුක්‍රමික අංක සහිත රුපියල් පන්සිය (500 ) වටිනාකමින් යුක්ත ව්‍යාජ මුදල් නෝට්ටු වංචනිකව සහ ඉතා උපක්‍රමශීලීව මුද්‍රණය කොට සීදුව, ගම්පහ, කිරිදිවෙල, වත්තල සහ ජා – ඇල පොලිස් බල ප්‍රදේශවල බෙදාහැරි ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පෙතියාගොඩ, මීතොටමුල්ල සහ වේයන්ගොඩ පදිංචි අවුරුදු 21, 45, 43, වයසෙ පසුවන අයබව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති සිරිසේන කාලෙකට පස්සේ කට අරියි
11:48
Video thumbnail
දයාසිරි ආණ්ඩුවේ ලිස්ට් එකක් එළියට දායි
17:58
Video thumbnail
පිරිත් හඬ මැද පොහොට්ටුව වැඩ අල්ලයි - කොල්ලෝ කෙල්ලෝ පොහොට්ටුවේ අපේක්ෂකත්වය ගන්න පොරකයි
05:09
Video thumbnail
කොළඹ නගරාධිපති පුටුවට අසේල සම්පත් බත්තරමුල්ලේ සීලරතන හිමි එක්ක
15:31
Video thumbnail
අද රට චිකාගෝවක් වගේ
00:21
Video thumbnail
නාමල් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:54
Video thumbnail
අද රට චිකාගෝවක් වගේ - මරික්කාර් සැරවෙයි - රනිල් එක්ක JVPඑක ඩීල් එකක් ?
04:21
Video thumbnail
පරක්කු වෙලා රිලව් ඇවිත් මල විජ්ජුම්බරයයි - රිලව් ආපු නැති නිසා ගම්මුන්ට තදවෙයි
05:50
Video thumbnail
පොලිස්පති හොයා ගන්නත් නෑ - අපිට කියනවා වඳුරෝ ගණන් කරන්නලු
09:10
Video thumbnail
ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
00:28

?