500 නෝට්ටු ගන්න කළින් මේ දේ බලන්න – නැත්නම් ඔයා අමාරුවේ

සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ සහ අංගම්පිටිය ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසය නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (30) පස්වරුවේ මෙම වැටලීම සිදුකළ බවයි.

සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ සහ අංගම්පිටිය ප්‍රදේශයේ දී අතුරු මාර්ගයකින් පැමිණි යතුරු පැදියක් පරික්ෂා කිරීමේදී රුපියල් පන්සිය (500 ) වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු හැටක් (60 ) සොයා ගැනීමට හැකි වී තිබේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් තාවකාලිකව පදිංචිව සිටි සිදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ලැගුම් හලක් පරික්ෂා කිරීමේදී එහි කාමරයක සඟවා තිබූ අනුක්‍රමික අංක සහිත රුපියල් පන්සීයේ වටිනාකමක් සහිත ව්‍යාජ මුදල් නෝට්ටු පන්සිය හතලිස් දෙකක් (542 ) සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදා ගන්නා ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පැවසීය.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වලින් ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කරගත් කැනොන් වර්ගයේ පොටෝ කොපි යන්ත්‍රයක් සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා සම්බන්ධ බව කියන තවත් සැකකරුවෙකු වීරගුල පොලිස් වසමේ රුක්මලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් විසින් T/ 17 – 758552 , T/ 17 – 758578 , T/17 – 758779 අනුක්‍රමික අංක සහිත රුපියල් පන්සිය (500 ) වටිනාකමින් යුක්ත ව්‍යාජ මුදල් නෝට්ටු වංචනිකව සහ ඉතා උපක්‍රමශීලීව මුද්‍රණය කොට සීදුව, ගම්පහ, කිරිදිවෙල, වත්තල සහ ජා – ඇල පොලිස් බල ප්‍රදේශවල බෙදාහැරි ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පෙතියාගොඩ, මීතොටමුල්ල සහ වේයන්ගොඩ පදිංචි අවුරුදු 21, 45, 43, වයසෙ පසුවන අයබව සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41