35 වසරක ඉතිහාසය තුළ ලංකා සීනි සමාගම සිය ඉහලම ලාභය පෙන්වයි!

ලංකා සීනි සමාගමේ 35 වසරක ඉතිහාසය තුළ ලැබූ ඉහළම ලාභය වන රුපියල් කෝටි 130ක් ඉක්මවූ මුදලක් ඉකුත් වසරේදී හිමි කර ගෙන තිබේ.

ආයතනයේ වසර 5ක සේවා කාලය සම්පූර්ණ කළ අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් 2,000කට වැඩි පිරිසකට ස්ථිර පත්වීම් දීමටත්, උසස්වීම් ප්‍රමාද වූ සේවයන්ට උසස් වීම් දීමටත් අප්‍රේල් මාසයේදී සේවය කළ සියලු දෙනාට ප්‍රසාද දීමනා හා දිරි දීමනා දීමට මේ ලාභය ලද වහාම සීනි සමාගම කටයුතු කර තිබේ.

ගොවීන්ගෙන් ගන්නා උක් මෙ. ටො එකක් සඳහා ගැනුම් මිල මේ වන විට 10%කින් ඉහළ නංවා ඇති අතර ගොවීන් හටද ප්‍රසාද දීමනා සහ දිරි දීමනා දීමටද ලංකා සීනි සමාගම සමත්ව තිබේ. මේ ගොවීන් සඳහා 50% ක බිම් සහනාධාරයක් සහ උක් බීජ සහනාධාරයක්ද දීමට පියවර ගෙන ඇත.

ලංකා සීනි සමාගම විසින් පැල්වත්ත ප්‍රදේශයේ අලුතෙන් හෙක්ටයාර 2,500ක් සහ සෙවනගල ප්‍රදේශයේ අලුතින් හෙක්ටයාර 500ක් වගා කිරීම හේතුවෙන් සෘජු හා වක්‍ර රැකියා දහසකට වැඩි ප්‍රමාණයක් දීමටද හැකි වී ඇත. උක් අස්වැන්න සහ සීනි නිෂ්පාදනයේ අතුරු ප්‍රතිඵල ලෙස සත්ව ආහාර නිෂ්පාදන කිරීමේ නව අදහසක් තුළින් උපයන අතිරේක ආදායම් මඟින් ගොවීන්ට අමතර ආදායම් උපයා දීමටද පියවර ගෙන තිබේ.

පසුගිය වසර ගණනාවක් පාඩු ලබමින් පැවැති සීනි සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය යටතේ රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතාගේ සහ එහි සභාපති ජානක නිමලචන්ද්‍ර මහතාගේ අධීක්ෂණයෙන් යුතුව මේ වන විට රටේ වැඩිම ලාභයක් ලබන ආයතනයක් බවට පත්ව තිබෙන බව එම සමාගම පෙන්වා දෙයි.

2020 වසරේ ඔක්තෝබර් අග වන විට ලංකා සීනි සමාගම විසින් සීනි මෙ. ටො. 40,000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් අපේක්ෂිත ලාභයට වඩා වැඩි මේ ලාභය හිමි කර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?