35 වසරක ඉතිහාසය තුළ ලංකා සීනි සමාගම සිය ඉහලම ලාභය පෙන්වයි!

ලංකා සීනි සමාගමේ 35 වසරක ඉතිහාසය තුළ ලැබූ ඉහළම ලාභය වන රුපියල් කෝටි 130ක් ඉක්මවූ මුදලක් ඉකුත් වසරේදී හිමි කර ගෙන තිබේ.

ආයතනයේ වසර 5ක සේවා කාලය සම්පූර්ණ කළ අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් 2,000කට වැඩි පිරිසකට ස්ථිර පත්වීම් දීමටත්, උසස්වීම් ප්‍රමාද වූ සේවයන්ට උසස් වීම් දීමටත් අප්‍රේල් මාසයේදී සේවය කළ සියලු දෙනාට ප්‍රසාද දීමනා හා දිරි දීමනා දීමට මේ ලාභය ලද වහාම සීනි සමාගම කටයුතු කර තිබේ.

ගොවීන්ගෙන් ගන්නා උක් මෙ. ටො එකක් සඳහා ගැනුම් මිල මේ වන විට 10%කින් ඉහළ නංවා ඇති අතර ගොවීන් හටද ප්‍රසාද දීමනා සහ දිරි දීමනා දීමටද ලංකා සීනි සමාගම සමත්ව තිබේ. මේ ගොවීන් සඳහා 50% ක බිම් සහනාධාරයක් සහ උක් බීජ සහනාධාරයක්ද දීමට පියවර ගෙන ඇත.

ලංකා සීනි සමාගම විසින් පැල්වත්ත ප්‍රදේශයේ අලුතෙන් හෙක්ටයාර 2,500ක් සහ සෙවනගල ප්‍රදේශයේ අලුතින් හෙක්ටයාර 500ක් වගා කිරීම හේතුවෙන් සෘජු හා වක්‍ර රැකියා දහසකට වැඩි ප්‍රමාණයක් දීමටද හැකි වී ඇත. උක් අස්වැන්න සහ සීනි නිෂ්පාදනයේ අතුරු ප්‍රතිඵල ලෙස සත්ව ආහාර නිෂ්පාදන කිරීමේ නව අදහසක් තුළින් උපයන අතිරේක ආදායම් මඟින් ගොවීන්ට අමතර ආදායම් උපයා දීමටද පියවර ගෙන තිබේ.

පසුගිය වසර ගණනාවක් පාඩු ලබමින් පැවැති සීනි සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ නායකත්වය යටතේ රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතාගේ සහ එහි සභාපති ජානක නිමලචන්ද්‍ර මහතාගේ අධීක්ෂණයෙන් යුතුව මේ වන විට රටේ වැඩිම ලාභයක් ලබන ආයතනයක් බවට පත්ව තිබෙන බව එම සමාගම පෙන්වා දෙයි.

2020 වසරේ ඔක්තෝබර් අග වන විට ලංකා සීනි සමාගම විසින් සීනි මෙ. ටො. 40,000ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමෙන් අපේක්ෂිත ලාභයට වඩා වැඩි මේ ලාභය හිමි කර ගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34