පාර්ලිමේන්තු ආ බදියුදීන් ජනපතිට දුක කියයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අද (04) පාර්ලිමේන්තුව හමුවේ අදහස් පළ කළේය.

කෙසේවෙතත් බදියුදීන් මහතාට හිමි කාලය අවසන්වීම හේතුවෙන් එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.

“ජනාධිපතිතුමාත් ඉන්නවා. අගමැතිතුමාත් ඉන්නවා. මාව අත්අඩංගුවට ගත්තේ අප්‍රේල් 24. දවස් 102ක් වෙනවා අද වෙනකොට. පැය 24ම වහලා දාලා තියෙනවා. අද වෙනතුරු කිසිම විමර්ශනයක් නෑ. මං බොරු කියන්නේ නෑ.. ඇයි මාව අත්අඩංගුවට ගත්තේ කියලා OIC මහත්තයාගෙන් අහනකොට මට කිව්වේ මගේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බාලසුභ්‍රමනියම් ට මිනිත්තු එකහමාරක් දුරකථනයෙන් කතා කරපු එකට කියලා ජනාධිපතිතුමනි. වෙන කිසිම කාරණයක් නෑ ජනාධිපතිතුමනි.” යනුවෙන් බදියුදීන් මහතා සඳහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයාට ලබා දී ඇති කාලය පිළිබඳ ගැටලුවක් මතුවූ අතර කථානායකවරයා සඳහන් කළේ,

“ඔබතුමාගේ කාලය ඉවරයි. විනාඩි 2 ඉවරයි. ඔබතුමා ජනාධිපතිතුමාව හමුවෙලා කියන්න. විනාඩි 2ක් දුන්නා. තවත් දෙන්නේ නෑ.”

පසුව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ,

“දැන් බාලසුභ්‍රමනියම් කොහෙද ඉන්නේ කියලා අහන්න. බාලසුභ්‍රමනියම් රට පැනලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?