spot_img
AFC Banner
Empty Ad
Empty Ad

22 හැවිරිදි සරසවි සිසුවියක් දිවි නසාගෙන

යාපනය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඊයේ (17) සියදිවි නසාගෙන ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියක් සිය නිවසේ දී මෙලෙස සියදිවි නසාගෙන ඇති බවයි වැඩිදුරටත් තොරතරු වාර්තා වුණේ.

වසන්තකුමාර් ඩිලක්සියා නමැති 22 හැවිරිදි මෙම තරුණිය කිලිනොච්චිය, කෝනාවිල් ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළ දී ගෙළ වැළලාගෙන සිටිය දී සහෝදරයා විසින් දැක තිබෙනවා.

අනතුරුව ඇය වහාම කිලිනොච්චිය රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, එම අවස්ථාව වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

තරුණිය මෙලෙස සියදිවි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
2
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?