රත්මලානේ දී ඇල්ලූ කොල්ලකරුවෝ

රුපියල් ලක්ෂ 21ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලය සඳහා යොදාගත් කුලී පදනම මත ලබාගත් වෑන් රථයක්, යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ද සමඟ මොවුන් රත්මලාන ප්‍රදේශයේ දී ඊයේ (22) අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

පසුගිය 04 වනදා මොරටුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක සේවකයෙකු විසින් එහි රුපියල් ලක්ෂ 21කට අධික මුදලක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන අවස්ථාවේදී ඔහුව පැහැරගෙන ගොස් පහර දී මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 සහ 50 යන වයස්වල පසුවන රත්මලාන සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22
Video thumbnail
"මේක ෂුවර් එකට නාමලයගේ වැඩක්..නාමල් වග කියන්න ඕනි" නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
06:54
Video thumbnail
තද වැසි තත්ත්වය හෙට දිනයේ සිට සාපෙක්ෂව අඩුවෙයි - අද 75mm වැඩි තද වැසි ඇතිවෙයි
02:23