වත්මන් රජයට එරෙහිව විපක්ෂය විසින් එළඹෙන 21 වනදා සංවිධානය කරන මහජන රැළිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් හමු වී තිබෙනවා.
අද (15) පෙරවරුවේ මෙම හමුව සිදුව ඇති අතර, මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ද සහභාගී ඇති බවයි වාර්තා වුණේ.
ඉලංකෙයි තමිල් අරසු පක්ෂය මෙම විරෝධතා රැළියට සහභාගී නොවන නමුත්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක්වන ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.
එමෙන්ම දීර්ඝ කාලයක සිට ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව තමන් සහ සුමන්තිරන් මහතා අතර වැඩිදුරටත් සාකච්ඡා පැවැත් වූ බවයි ඔහු සඳහන් කර සිටියේ.





