2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරක නගර ප්‍රකාශයට පත් කරයි

එළඹෙන 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල පැවැත්වෙනවා.

එම තරගාලියට සත්කාරකත්වය දරණ නගර සහ වෙළඳ නාමය ඊයේ (30) දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී ප්‍රකාශයට පත් කළා.

ඒ, අනුව රටවල් තුනේ සත්කාරක නගර 12ක් ප්‍රකාශයට පත් කළ අතර, වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය (ජොහැන්නස්බර්ග්), සෙන්චූරියන් (ෂ්වාන්), නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය (කේප් ටවුන්), කිංග්ස්මීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය (ඩර්බන්), ශාන්ත ජෝර්ජ් පාර්ක් (ග්කෙබර්හා), මැන්ගුන්ග් ඕවල් (බ්ලොම්ෆොන්ටයින්), බොලන්ඩ් පාර්ක් (පාර්ල්), සහ දකුණු අප්‍රිකාවේ බෆලෝ පාර්ක් (කලින් නැගෙනහිර ලන්ඩන් ලෙස හැඳින්වූ කුගොම්පෝ නගරය), හරාරේ ක්‍රීඩා සමාජය (හරාරේ), ක්වීන්ස් ක්‍රීඩා සමාජය (බුලවායෝ) සහ සිම්බාබ්වේ හි අලුතින් ඉදිකරන ලද ෆේල් මෝසි-ඕ-ටූන්යා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ නැමීබියාවේ නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණය (වින්ඩ්හෝක්) එම නගර සහ ක්‍රීඩාංගන වනවා.

අප්‍රිකානු මහද්වීපයේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත් වෙන්නේ වසර 24 කට පසුවයි.

2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් සිට නොවැම්බර් අතර කාලයේ පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39