එළඹෙන 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල පැවැත්වෙනවා.
එම තරගාලියට සත්කාරකත්වය දරණ නගර සහ වෙළඳ නාමය ඊයේ (30) දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හිදී ප්‍රකාශයට පත් කළා.
ඒ, අනුව රටවල් තුනේ සත්කාරක නගර 12ක් ප්‍රකාශයට පත් කළ අතර, වොන්ඩරර්ස් ක්‍රීඩාංගනය (ජොහැන්නස්බර්ග්), සෙන්චූරියන් (ෂ්වාන්), නිව්ලන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය (කේප් ටවුන්), කිංග්ස්මීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණය (ඩර්බන්), ශාන්ත ජෝර්ජ් පාර්ක් (ග්කෙබර්හා), මැන්ගුන්ග් ඕවල් (බ්ලොම්ෆොන්ටයින්), බොලන්ඩ් පාර්ක් (පාර්ල්), සහ දකුණු අප්‍රිකාවේ බෆලෝ පාර්ක් (කලින් නැගෙනහිර ලන්ඩන් ලෙස හැඳින්වූ කුගොම්පෝ නගරය), හරාරේ ක්‍රීඩා සමාජය (හරාරේ), ක්වීන්ස් ක්‍රීඩා සමාජය (බුලවායෝ) සහ සිම්බාබ්වේ හි අලුතින් ඉදිකරන ලද ෆේල් මෝසි-ඕ-ටූන්යා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ නැමීබියාවේ නැමීබියා ක්‍රිකට් ක්‍රීඩාංගණය (වින්ඩ්හෝක්) එම නගර සහ ක්‍රීඩාංගන වනවා.
අප්‍රිකානු මහද්වීපයේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත් වෙන්නේ වසර 24 කට පසුවයි.
2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ලබන වසරේ ඔක්තෝබර් සිට නොවැම්බර් අතර කාලයේ පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.













