Rajapura Handi Oil
Rajapura Diabetic Powder

2027 වසරේ වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවක් – කාලගුණයෙන් දැනුම්දීමක්

පසුගිය මාස කිහිපය තුළ මෙරට කාලගුණික තත්ත්වයට එල්නිනෝ සංසිද්ධිය ඍජුවම බලපා ඇති බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසනවා.

ඒ, අනුව මෙම වසර වෙනත් වසරවලට සාපේක්ෂව තීවෘ සහ වැඩි වර්ෂාපතනයක් නිරීක්ෂණය වූ බවයි නියුතු කාලගුණ විද්‍යාඥවරයා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ඉදිරියේදී ආරම්භ වීමට නියමිත ඊසානදිග මෝසම් සෘතුවත් සමග මෙම එල්නිනෝ බලපෑමේ ස්වභාවය වෙනස් වන බවයි.

ඒ, අනුව වර්ෂාපතනයේ අඩුවීමක් සිදුවිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර 2027 ජනවාරි මස ආරම්භයේ සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වය අඩු වනු ඇති බවත්, එය එල්නිනෝ සංසිද්ධියේ සාමාන්‍ය ස්වභාවය බවත් ඔහු පෙන්වා දෙනවා.

ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා මෙම එල්නිනෝ බලපෑම පවතිනු ඇතැයි අනුමාන කෙරෙනවා.