සැලසුම් කළ ආයෝජන වියදම් ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ඌනතාවයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන විභවය දුර්වල කළ හැකි අතර, දිගුකාලීන මූල්‍ය ඒකාබද්ධතාවය වඩාත් අභියෝගාත්මක කළ හැකි බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා රජය විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම ආයතන මේ බව පවසා තිබෙනවා.
මේ අතර, 2025 අයවැයේ ඉලක්ක ඉක්මවා යාමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බව රජයේ 2026 අයවැය යෝජනාවලින් පෙනී යන බවයි එමඟින් සඳහන් කරන්නේ.
තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2026 අයවැය යතුරක් වනු ඇති බවට ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතන අදහස් කරනවා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ප්‍රධාන මූල්‍ය සලකුණු සපුරාලීම අඛණ්ඩව සිදු කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන වාර්තාව වැඩිදියුණු කිරීමට බලධාරීන්ට උපකාරී වනු ඇති බවද එම ආයතනය පවසනවා.
කෙසේ වෙතත්, එම ආයතනය ප්‍රකාශ කළේ නවතම අයවැය මඟින් ආයෝජන ඉහළ නැංවීමට සහ වර්ධනයට ප්‍රතිලාභ ලබා දීමට හැකියාව ඇති පියවර කිහිපයක් ද ඉස්මතු කරන බවයි.















