2026 අයවැය ගැන ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනයෙන් නිවේදනයක්

සැලසුම් කළ ආයෝජන වියදම් ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ඌනතාවයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන විභවය දුර්වල කළ හැකි අතර, දිගුකාලීන මූල්‍ය ඒකාබද්ධතාවය වඩාත් අභියෝගාත්මක කළ හැකි බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා රජය විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම ආයතන මේ බව පවසා තිබෙනවා.

මේ අතර, 2025 අයවැයේ ඉලක්ක ඉක්මවා යාමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බව රජයේ 2026 අයවැය යෝජනාවලින් පෙනී යන බවයි එමඟින් සඳහන් කරන්නේ.

තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2026 අයවැය යතුරක් වනු ඇති බවට ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතන අදහස් කරනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ප්‍රධාන මූල්‍ය සලකුණු සපුරාලීම අඛණ්ඩව සිදු කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන වාර්තාව වැඩිදියුණු කිරීමට බලධාරීන්ට උපකාරී වනු ඇති බවද එම ආයතනය පවසනවා.

කෙසේ වෙතත්, එම ආයතනය ප්‍රකාශ කළේ නවතම අයවැය මඟින් ආයෝජන ඉහළ නැංවීමට සහ වර්ධනයට ප්‍රතිලාභ ලබා දීමට හැකියාව ඇති පියවර කිහිපයක් ද ඉස්මතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
17
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34