2026 අයවැය ඉදිරිපත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය

2026 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා 2025‑09‑08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය විසින් සකස් කරන ලද, 2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත සඳහා වන පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ පහත සඳහන් වැඩසටහන අග්‍රාමාත්‍යතුමිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබුවා .

ඒ, සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදුන් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

  • විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම – 2025‑09‑26
  • විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම (අයවැය කතාව) – 2025‑11‑07
  • දෙවනවර කියවීමේ අයවැය විවාදය – 2025‑11‑08 දින සිට 2025‑11‑14 දින දක්වා
  • තෙවනවර කියවීමේ (අයවැය කාරක සභා අවස්ථා) විවාදය – 2025‑11‑15 දින සිට 2025‑12‑05 දින දක්වා
  • අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම – 2025‑12‑05
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?